තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයේ නිලාවේලි හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22), නිලාවේලි මුහුදු ප්රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්රා 5ක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී තහනම් දැල් 3ක්, කිමිදුම් වරල් යුගල් 3 ක් සහ කිමිදීම සඳහා යොදාගන්නා මුහුණු ආවරණ 4 ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්රිකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.



