ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්තිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් වර්ෂ දෙකකට වරක් පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල (2016) සමාප්ත කරමින් ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්රදානය කිරීම ඊයේ (22) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් විය.
නවවන වරටත් පවත්වනු ලැබූ මෙම තරඟාවලියේ අනු ශූරතාවය මෙවර ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් හිමිකර ගැනීමට සමත් විය. 2016 මාර්තු මස මස 24 වන දින ආරම්භ කරනු ලැබූ ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ. තරඟාවලියෙහි පිරිමි සහ කාන්තා තරඟ ඉසව් 35ක් පැවති අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පිරිම් සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරඟ ඉසව් 16 ක ශූරතාවයන් දිනා ගනිමින් රන් පදක්කම් 95ක්, රිදී පදක්කම් 81ක් සහ ලෝකඩ පදක්කම් 120ක් දිනා ගැනීමට සමත් විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උළෙලට සහභාගි වූහ.