නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කරමින් සිටි ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටිය හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (23) එරම්බුගොඩැල්ල වෙරළ තීරය අශ්රිත ප්රදේශයේ දී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 770 ක් ප්රවාහනය කරමින් සිටි ශ්රී ලාංකික පුද්ගලයින් 2 දෙනෙකු, අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.


