කන්දක්කුලිය මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටියහි පිහිටි, ශ්‍රීලංනානෞ විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව, කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශය ආශ්රිත මුහුදු තීරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් අද (26) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන විත් මුහුදට දමා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පහළ කරයි.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කේරළ ගංජා තොගය කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

