නාවික හමුදා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ටෙනිස් පුහුණු කඳවුරක් පැවැත්වේ
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි, නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නංවීමේ අරමුණින් ටෙනිස් ක්‍රීඩාව පිළිබඳ තුන්දින පුහුණු වැඩමුළුවක් අගෝස්තු මස 22, 23 සහ 24 යන් දිනයන් හිදී වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ටෙනිස් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.
නාවික හමුදා ටෙනිස් සංචිතයේ සභාපති, කපිතාන් ප්‍රදීප් කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුහුණු වැඩමුළුව සඳහා එක්වූ නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්ගේ වෙනුවෙන් විශේෂ පුහුණු කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර ටෙනිස් පදනමේ අදියර II සුදුසුකම් ඇති පුහුණු කරුවකු වන ආර්එෆ් උපුල් ප්‍රියන්ත මහතා විසින් සිදු කළේය. ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කර ගැනීමට මෙම ටෙනිස් පුහුණු වැඩමුළුව මහඟු අවස්ථාවක් විය.



