කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි, ශ්‍රීලංනානෞ උත්තර, කයිට්ස් හි පිහිටි, ශ්‍රීලංනානෞ කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි, ශ්‍රීලංනානෞ වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී අද (26) චාවකච්චේරි ප්‍රදේශයේ ස්ථාන දෙකකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුද, ඔහු විසින් සඟවා තිබියදී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය. නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, පේදුරු තුඩුව සුරාබදු කාර්යාලයේ නිලධාරීන්ද මේ වැටලීම සඳහා නාවික හමුදා භට පිරිස් වෙත සහය දක්වා ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරු තුඩුව සුරාබදු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


