වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි, ශ්‍රීලංනානෞ උත්තර, කයිට්ස් හි පිහිටි, ශ්‍රීලංනානෞ කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි, ශ්‍රීලංනානෞ වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී අද (26) චාවකච්චේරි ප්‍රදේශයේ ස්ථාන දෙකකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකුද, ඔහු විසින් සඟවා තිබියදී තවත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

27 Aug 2016

නාවික හමුදා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් ටෙනිස් පුහුණු කඳවුරක් පැවැත්වේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි, නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නංවීමේ අරමුණින් ටෙනිස් ක්‍රීඩාව පිළිබඳ තුන්දින පුහුණු වැඩමුළුවක් අගෝස්තු මස 22, 23 සහ 24 යන් දිනයන් හිදී වැලිසර පිහිටි ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ටෙනිස් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

27 Aug 2016

කන්දක්කුලිය මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියහි පිහිටි, ශ්‍රීලංනානෞ විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ධීවරයෙකුගෙන් ලද තොරතුරකට අනුව, කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශය ආශ්‍රිත මුහුදු තීරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් අද (26) අත්අඩංගුවට ගන්නා ලදී.

26 Aug 2016

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමන්, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි
 

ඉන්දීය විදේශිය කටයුතු රාජ්‍ය ඇමති ජෙනරාල් විජේ කුමාර් සිං මහතා, අද (26) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සඳහා එක්විය.

26 Aug 2016

“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව එළිදැක්වීම අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී
 

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව ඊයේ (25) නෙළුම්පොකුණ ‍රඟහලේදී පැවැත් වූණි.

26 Aug 2016