2016 අන්තර් විධාන සරඹ තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට දියත් විධානය සමත්වෙයි
2016 අන්තර් විධාන සරඹ තරඟාවලිය අගෝස්තු මස 25 වන දින පූනෑව හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධාන ආඥාපති කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට උතුරු උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් ද විශාල පිරිසක් සහභාගී විය.
මෙවර තරඟාවලිය සඳහා එක්වූ සියලුම විධානයන් අභිබවමින් ශූරතාවය තමන් සතු කර ගැනීමට දියත් විධානය සමත් වුනු අතර, ඔවුනට හිමි කුසලානය කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගත්තේය. පසුගිය වසරේ පැවති තරඟාවලියේ ශූරතාවය දිනගත් පුහුණු විධාන කණ්ඩායමට මෙවර අනුශූරතාවය හිමිවූ අතර, දියත් විධාන කණ්ඩායමට අණදුන් ලුතිනන් නිරංජන් සිරිමල්වත්ත එහි හොඳම අණදෙන්නාට හිමි කුසලානය දිනා ගත්තේය.








