වැදගත් සිදුවීම්

2016 අන්තර් විධාන සරඹ තරඟාවලියේ කිරුළ හිමිකර ගැනීමට දියත් විධානය සමත්වෙයි
 

2016 අන්තර් විධාන සරඹ තරඟාවලිය අගෝස්තු මස 25 වන දින පූනෑව හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු මැද නාවික විධාන ආඥාපති කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

27 Aug 2016

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) තාල්පාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

27 Aug 2016