ඇමරිකානු නාවික හමුදාවේ "ෆ්රෑන්ක් කේබල්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් “ෆ්රෑන්ක් කේබල්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (29) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එහිදී, එම නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩ්රිව් ජෝන් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසූරිය මහතා හමුවී සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි.
දින 4ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. ඒ අනුව නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී ක්‍රිකට්, බේස්බෝල් සහ පැසිපන්දු, තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇත. “ෆ්රෑන්ක් කේබල්” නෞකාව සැප්තැම්බර් මස 1 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.


