නාවික හමුදාව විසින් මුහුදු සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු බේරා ගැනේ
හික්කඩුව වෙරළ තීරයේ, සීනිගම දේවාලය අසල මුහුදේ සැඩ පහරට හසු වී ගසාගෙන ගිය පුද්ගලයෙකු බේරා ගැනීමට ඊයේ (30) නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝණයේ නාවිකයන් පිරිසක් සමත් විය.
මේ දිනවල හික්කඩුව, සීනිගම දේවාලය වන්දනාමාන කිරීම සඳහා අතිවිශාල බැතිමතුන් පිරිසක් එම ප්රදේශය කරා පැමිණෙමින් සිටිති. ඔවුන් වැඩි වශයෙන් ඒ අවට මුහුදු ප්රදේශයේ ස්නානය කිරීමට පැමිණීම නිසා බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ හා සහන බලඝණයේ නාවිකයන් කණ්ඩායමක් එම ප්රදේශය අවට යොදවා ඇත. සිවිල් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ඔවුන් නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.




