රත්රන් කිලෝග්රෑම් 5.5 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
ධීවර බෝට්ටුවක් මගින් ඉන්දියාවට ප්රවාහනය කිරීමට උත්සාහ කළ රත්රන් කිලෝග්රෑම් 5.5ක් සමග ශ්රී ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (30) රාත්රියේ නාවික හමුදා අත්අඩංගුවට පත් විය. යාපනය, කන්කසන්තුරයට උතුරින් මුහුදු සැතපුම් 8 ක් පමණ දුරකදී අත්අඩංගුවට පත් මොවුන් ධීවරයින් මුවාවෙන් ධීවර ආම්පන්න ද සහිතව ඩිංගි යාත්රාවක් මගින් ඒවා ප්රවාහනය කරමින් තිබූණි.
උතුරු නාවික විධානයට අයත් කන්කස්තුරේ පිහිටි ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්රියාත්මක වූ පී 464 දරණ වේග ප්රහාරක යාත්රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් විසින් මෙම රත්රන් තොගය එම ධීවර යාත්රාවේ තිබී සොයා ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සහ රත්රන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.


