ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජර්මානු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වශයෙන් රාජකාරී කටයුතු කරනු ලබන ලුතිනන් කර්නල් කාර්ස්ටන් හෝල්ෂර් මහතා අද (31) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.




