නාවික හමුදාව විසින් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් කැබිතිගොල්ලෑව, ගෝනහත්දෙනාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) ඊයේ (2) උතුරු මැද නාවික විධාන භාර ආඥාපති කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කරන ලදී.
වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල දැඩි අවශ්‍යතාවයක් පවතී. එය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරන ලදී. මෙමගින් ගෝනහත්දෙනාව ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව සැළසී ඇත. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සදහා සහභාගී වී සිටියහ.








