වැදගත් සිදුවීම්

හෙරොයින් කිලෝග්‍රෑම් 2.24 ක් සමග පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි, ශ්‍රීලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අද (3) සවස පල්ලිමුනේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2.24 ක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු සහ එයට සම්බන්ධ ලාංකිකයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

04 Sep 2016

නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු බේරා ගැනේ

ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නාවිකයින් විසින් අද (3) ගොපාල්පුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

04 Sep 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි, ශ්‍රීලංනානෞ උත්තර සහ කයිට්ස් හි පිහිටි, ශ්‍රීලංනානෞ කන්චදේව යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (2) චාවකච්චේරි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

04 Sep 2016

නාවික හමුදාව විසින් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් කැබිතිගොල්ලෑව, ගෝනහත්දෙනාව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) ඊයේ (2) උතුරු මැද නාවික විධාන භාර ආඥාපති කොමදෝරු මෙරිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

03 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 4444 සහ පී 4445 යාත්‍රාවල රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටුයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 4 ක් සහ නීතිවිරෝධී දැල් අත්අඩංගුවට ගන්නා ලදී.

03 Sep 2016