නාවික තඨාකංගනයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනය තුළ නෞකා යාබදව ගැටගසා තැබීම සඳහා පවතින පහසුකම් තව දුරටත් පුළුල් කරමින් එහි අභිනවයෙන් ඉදිකරන ලද ජැටිය විවෘත කිරීම පසුගිය 4 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් සිදු කෙරිණි. නාවික තඨාකංගනය තුළ නෞකා සහ යාත්‍රා ආරක්ෂිතව තැබීම සඳහා මෙම ජැටිය ප්‍රයෝජනවත් වේ. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත ඉදිකර ඇති එය අඩි 628 ක දිගකින් යුක්තය.
තවද, නාවික පුද්ගලයන් බහුලව ගැවසෙන ස්ථානයක පිහිටා තිබූ LP ගෑස් ගබඩාව, වෙනත් ආරක්ෂිත ප්‍රදේශක ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර, එය විවෘත කිරීම ද එදින සිදු විය. ඒ අනුව ගෑස් සිලින්ඩර් විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගත හැකි ගෑස් ගබඩාව හුදෙකලා ස්ථානයක ඉදිකිරීමට පියවර ගෙන ඇත්තේ මොනයම් හෝ හදිසි තත්ත්වයකදී ඇති වන අවධානම වැළැක්වීම උදෙසාය. මෙම ඉදිකිරීම් නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ සිදු කළ අතර, නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් රැසක් එම විවෘත කිරීමේ උත්සව සඳහා සහභාගී වී සිටියහ.








