වැදගත් සිදුවීම්
සම්පත්නුවර ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ

වකුගඩු රෝග වළකාලීම සඳහා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවේ තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් වැලිඔය, සම්පත්නුවර ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා සම්පත්නුවර මහා විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) විවෘත කිරීමේ උත්සවය අද (6) එම විද්‍යාල භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
07 Sep 2016
නාවික තඨාකංගනයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනය තුළ නෞකා යාබදව ගැටගසා තැබීම සඳහා පවතින පහසුකම් තව දුරටත් පුළුල් කරමින් එහි අභිනවයෙන් ඉදිකරන ලද ජැටිය විවෘත කිරීම පසුගිය 4 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් සිදු කෙරිණි.
06 Sep 2016
ඉංජිනේරු අංශයෙන් සරසවි වරම් ලද සිසුවෙකු හට නාවික හමුදාධිපතිතුමන් අතින් තිළිණ ප්රදානය කෙරේ

2015 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වී ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලද එච්පීඑම් ප්‍රභාත් සිසුවා වෙත නවීනතම ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පිරිනැමීම අද (6) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරුණි.
06 Sep 2016
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු ස්ථාන දෙකකදී අත්ඩඅංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (5) සමත් විය.
06 Sep 2016