පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි
පාකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආඥාපති, ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා අද (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ පකිස්තානු මහකොමසාරිස් කාර්යයාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.







