2016 “දියකාවා” යුද අභ්‍යාසය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී
නාවික හමුදා දියත් ඒකකය, නාවික සෙබල අංශය, විශේෂ යාත්‍රා බලඝණ, ශ්‍රි ලංකා යුධ හමුදාව, ගුවන් හමුදාව, කොමාණ්ඩෝ බළකාය, විශේෂ බළකාය ඒකාබද්ධව සිදුකරන ලද “දියකාවා” යුධ පුහුණු අභ්‍යාසය ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයේදී ඊයේ (10) සාර්ථක ලෙස නිමාවට පත්විය. නැගෙනහිර වෙරළ කලාපය ආවරණය කරමින් පැවැත්වුණු මෙම අභ්‍යාසය, සැප්තැම්බර් මස 08 වන දින ආරම්භ වු අතර, මුහුදින් ගොඩබිමට අවතීරණය වී කෙරෙන සංග්රාම සහ විශේෂ බළඝණයන්ට ආවේණික සංග්රාමයන්ගෙන් සමන්විත වූ අතර, මෙම අභ්‍යාසය විශේෂ ඒකකයන්හි සාමාජිකයන් හට තම මෙහෙයුම් හැකියාවන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කෙරිණි.
හමුදා සාමාජිකයින් 308 කගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද මෙම අභ්‍යාසයට නාවික හමුදාව නියෝජනය කරමින් 228 දෙනෙකු සහභාගී විය. මෙම ඒකාබද්ධ මෙහෙයුම සඳහා ශක්ති නෞකාව සහ රණගජ නෞකාවන් එක් වු අතර, එල් 821 සහ සම්පීඩිත වායු යාත්‍රා, මෙහෙයුමේ විවිධ අවස්ථාවලදී සිය දායකත්වය ලබාදෙන ලදී.
මෙහි අවසන් මෙහෙයුම නිරීක්ෂණය කිරීම සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී වු අතර, නාවික හමුදා සහ යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී විය.













