වලව “සුපර් ක්‍රොස්” 2016 යතුරු පැදි තරඟාවලියේ ජයග්රහන රැසක් නාවික හමුදාවට
උඩවලව පිහිටි යුධ හමුදාවේ විදුලි හා යාත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මගින් සංවිධානය කරන ලද වලව “සුපර් ක්‍රොස් 2016” යතුරු පැදි තරඟාවලියේ ජයග්රහන රැසක් දීනා ගැනිමට නාවික හමුදාව නියෝජනය කළ ක්‍රිඩකයන් සමත් විය. ඒ අනුව පසුගිය 11 වන දින පැවති තරඟයන් සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රිඩකයන් 13 දෙනෙකු සහභාගි වූහ.
මෙම තරඟාවලියේ එන්ජින් ධාරිතාවය 250 සීසී කාණ්ඩයේ පළමු ස්ථානය සහ 250 සීසී රේසිං අංශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට නාවික හමුදාවේ ගයාන් සඳරුවන් සමත් විය. එම කාණ්ඩයේ විවෘත ස්ටැන්ඩඩ් අංශයේ ප්‍රථම ස්ථානය සහ එන්ජින් ධාරිතාවය ද, 250 සීසී ස්ටෑන්ඩඩ් අංශයේ දෙවන ස්ථානය නාවික හමුදාවේ ශානුක සඳරුවන් විසින් දිනා ගන්නා ලදී. එමෙන්ම, 125 සීසී කණ්ඩායම් අංශයේ දෙවන ස්ථානය එම්එන් පෙරේරා හට හිමි වූ අතර, 125 සීසී විවෘත අංශයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට ජීආර්කේ විජේසේකර හට හැකිවිය.











