විශ්‍රාමික ගුවන් හමුදාධිපති නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් රාජකාරී සිදු කර ඊයේ (12) විශ්‍රාම යනු ලැබූ එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් හමුවී එතුමා ගුවන් හමුදාධිපති ලෙස රාජකාරී කළ සමයේ ලබා දුන් සහයෝගය පිළිබද සිය කෘතවේදීත්වය පළ කිරීම හා නිල වශයෙන් සමුගැනීම මෙම චාරිකාවාරයේ අරමුණ විය.
නාවික හමුදා සම්මාන ආචාරමුරයක් මගින් එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා නාවික හමුදා මූලස්ථානයේදී පිළිගනු ලැබීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා බැහැදැකීම සිදු විය. මෙම සමුගැනීමේ හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණු අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.












