වැදගත් සිදුවීම්

හම්බෙගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ‍
 

නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් මොණරාගල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරිණි.

24 Sep 2016

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහන රැසක්
 

කොළඹ කුඩා යාත්‍රා සංගමය (Colombo Motor Yacht Club) මගින් සංවිධානය කරන ලද ලේසර් අංශයේ හා එන්ටප්‍රයිසස් අංශයේ රුවල් ඔරු තරඟාවලිය 18 දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එයින් ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.

24 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, කින්නියා හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්න ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උප්පාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

23 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 19 දෙනෙකු ස්ථාන තුනකදී අත්අඩංගුවට ගැනීමට ඊයේ (22) නාවික හමුදාව සමත්විය.

23 Sep 2016

“පිරිනිවන් මංගල්‍ය” බෞද්ධ කැන්ටාටාව ඉදිරිපත් කළ ශිල්පීන්හට සහතිකපත් ප්‍රදානය කෙරේ
 

හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ “පිරිනිවන් මංගල්‍ය” නම් වූ බෞද්ධ කැන්ටාටාව, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පසුගිය අගෝස්තු මස 25 වන දින නෙළුම්පොකුණ ‍රඟහලේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

23 Sep 2016