අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර භික්ෂු අයිතියට පත් කෙරේ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී. එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර (RO Plant) 2 ක් අද (29) භික්ෂු අයිතියට පත් කෙරුණි.මෙමගින් භික්ෂූන් වහසේලා 450 නමකට පමණ පිරිසිදු පානීය ජලය ලබාදිය හැකිය.
මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ජනාධිපති වකුගඩු නිවාරණ කාර්ය සාධක බලකායේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින්, භික්ෂු විශ්ව විද්‍යාලයේ පැරණි ගොඩනැගිලි සංකීර්ණයේ හා නව ගොඩනැගිලි සංකීර්ණය අශ්‍රිතව ඉදිකර ඇත. වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින මෙවැනි ප්‍රදේශයන් සඳහා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර වල පවතින දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් මෙම ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මේ වන විට මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 29 ක් විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත. මෙම වැඩසටහනට සමගාමිව, වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමද නාවික හමුදාව මේ දින වල කටයුතු කරමින් සිටියි.





