කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරමෙහි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ මෙහෙයුමක් මගින්, මන්නාරම ප්රදේශයේ කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
එදිනම තංගල්ල හි පිහිටි, කිරින්ද වෙරළ ආරක්ෂක බළකායට අනුයක්ත නාවිකයින් විසින් ලබා දුන් තොරතුරකට අනුව හැන්දෙනියාවත්ත, හුංගම ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 2.5 ක් සමග පුද්ගලයෙකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

