බංගලාදේශ නාවික හමුදා “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි
බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (29) කොළඹ වරායට සේන්දු විය. එම නෞකාවන්හී අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන කපිතාන් කාම්රුල් හොක් චෞද්රි සහ කපිතාන් එම් හුමායන් කබීර් යන නිලධාරීන් අද (30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජ්ගුණරත්න මහතා හමුවිය.
එහිදී ද්විපාර්ශික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් සුහද සාකච්ඡාවක නිරතවුණු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ බංගලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු ශාහ් අස්ලම් පර්වේස් මහතා සහ නෞකාවන් හි පුහුණු වන නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී විය.












