ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
ඩෙල්ෆ් දූපතට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට කටයුතු කෙරිණි.

