2016 අන්තර් විධාන රග්බි තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති සහභාගී වෙයි
2016 ඔක්තෝබර් මස 7 සහ 8 යන දෙදින වැලිසර නාවික හමුදා රග්බි පිටියේ පැවති අන්තර් විධාන රග්බි තරඟාවලියේ අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.
එම තරඟාවලියේදී පුහුණු විධානය පරාජයට පත්කරමින් නැගෙනහිර නාවික විධානය ˝කුසලාන˝ ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. එහි දෙවන ස්ථානය හිමිකරගත් පුහුණු විධානය ˝කුසලාන˝ ශූරතාවයේ අනුශූරයන් බවට පත්විය. තරඟාවලියේ තෙවන ස්ථානය බටහිර නාවික විධානය හිමිකරගත් අතර, දියත් විධානය එහි ˝පලග˝ ශූරතාවයත්, ගිණිකොන නාවික විධාන කණ්ඩායම බඳුන ශූරතාවයත් දිනා ගත්තේය. කාන්තා අංශයේ පැවති අවසන් මහා තරඟයෙන් පුහුණු විධානය ශූරතාවයත්, බටහිර නාවික විධානය අනුශූරතාවයත් දිනා ගත් අතර, උතුරු මැද නාවික විධානය එහි තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත්විය.
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය පුහුණු විධානය නියෝජනය කළ ලුතිනන් ආර්පීඑන්එන්ඩබ්පී රාජපක්ෂ දිනාගත් අතර, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය පුහුණු විධානයේ මධ්‍ය නිලධාරීනී ඕඑස්එස් දන්නෝරුව විසින් දිනා ගන්නා ලදී.
තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදාධිපතිතුමා අතින් ජයග්‍රාහකයින් හට කුසලාන සහ සහතික පත් ප්රදානය කෙරිණි. මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් එම ක්‍රීඩකයින් සමග සමූහ ජායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

























