ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ සමුද්‍ර පෙහෙරිදාර් නෞකාව කොළඹ වරායට පැමිණෙයි
ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් සමුද්‍ර පෙහෙරිදාර් නෞකාව අද (10) සුහද සහ පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩීආර් ශර්මා මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සෙනරත් විජේසූරිය මහතා ද එම අවස්ථාව සඳහා එක් වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. ඔක්තෝබර් මස 12 වන දින දක්වා නෞකාව දිවයිනේ රැදී සිටීමට නියමිත අතර, එම කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් රාශියකට සහ ක්‍රීඩා තරඟ කීපයකට නෞකාවේ නැව් මුළුව සහභාගී වීමට ද නියමිතය.




