ආබාධිත නාවික පුද්ගලයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ණය මුදල් ප්රදානය කෙරේ
සතුරු ප්‍රහාර හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත්වූ නාවිකයන් වෙනුවෙන් පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්රදානය කිරීම ඊයේ (10) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරිණි.
නාවික හමුදාධිපතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද, ජ්‍යෙෂ්ඨ නාවිකයන් සඳහා පොලී රහිත ලක්ෂ 5 ක ණය මුදලක් ප්රදානය කිරීමේ කර්තව්‍යට සමගාමීව සටනේදී තුවාළ ලබා ආබාධිත තත්ත්වයට පත්වූ නාවික රණවිරුවන් විසින් රට ජාතිය වෙනුවෙන් කරන ලද උදාර සේවය අගය කරනු වස් මෙම ණය මුදල ප්රදානය කිරීම සිදු කෙරිණි. ඒ අනුව තෝරාගන්නා ලද නාවිකයන් 10 දෙනෙකු හට මෙසේ නාවික හමුදාධිපතිතුමා විසින් චෙක්පත් ලබා දීම සිදු කරන ලදී.




