නාවික හමුදාධිපතිතුමා සමුද්‍ර පෙහෙරිදාර් නෞකාවේ සංචාරයක නිරත වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11) ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමුද්‍ර පෙහෙරිදාර්” නෞකාවේ සංචාරයක නිරත විය. එහිදි නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් ඩීආර් ශර්මා මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව එතුමන් හට සම්මාන ආචාර මුරයකින් ගෞරවය පුද කෙරිණි.
අනතුරුව නාවික හමුදාධිපතිතුමන් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී නෞකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එහි කාර්යය සහ භූමිකාව පිළිබඳව එතුමන්ව දැනුවත් කරන ලදී. ඉන් පසු නාවික හමුදාධිපතිතුමා ඔවුන් සමග ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක ද නිරත විය. මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතා, බටහිර නාවික පෙදෙස භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, ආධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු කලන ජිනදාස මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙම අවස්ථාන සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.












