ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියානු රජයේ ප්‍රධාන ජලමානක නිලධාරී, රියර් අද්මිරාල් විනේයි බද්වාර් මහතා සහ කපිතාන් ආර්එම් තෝමස් යන මහත්වරුන් අද (12) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
එහිදී, සුහද කථාබහක නිරත වු ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. මේ අවස්ථාවට ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ප්‍රධාන ජලමානක නිලධාරී සහ අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාශ් ගෝපාලන් මහතාද සහභාගී වු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






