නිවාස 75 ක අයිතිය නාවික හමුදා රණවිරුවන් වෙත පැවරීම ජනපති අතින් සිදු කෙරේ
“අපි වෙනුවෙන් අපි” සහ “සත්විරු සන්හිඳ” නිවාස ව්‍යාපෘති යටතේ තවත් නිවාස 75ක් නාවික හමුදා රණ විරුවන් වෙත ප්රදානය කිරීම අතිගරු ජනානාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආතනයේදී අද (12) සිදු කෙරුණි. මීට සමගාමීව, රජයේ ඉඩම් කොටස් ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ නාවිකයන් 20 දෙනෙකුට ඉඩම් හිමිකම් සහතික පත්‍ර ප්රදානය ද අද දින සිදු විය.
“අපි වෙනුවෙන් අපි” සහ“සත්විරු සන්හිඳ” යන ව්‍යාපෘති යටතේ අම්පාර, මාතර, හම්බන්තොට, මොණරාගල සහ පොලොන්නරු යන දිස්ත්‍රික්කයන්හි පදිංචි නාවික හමුදා සාමාජිකයින් වෙත මෙම නිවාස හිමි විය. මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින රණවිරුවන්ට උපහාරයක් වශයෙන් සිදුකෙරෙන මෙම නිවාස ව්‍යාපෘති ජනාධිපති තුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, පොලිස්පති පූජිත ජයසුන්දර මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු ත්‍රිවිධ හමුදා පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී විය.

















