ළිදක් පිරිසිදු කිරිමේදි මියගිය පුද්ගලයෙකුගේ මළසිරුර නාවික හමුදාව විසින් ගොඩගැනේ
කන්කසන්තුරේ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් විසින් ඊයේ (12) තෙලිප්පලේ ප්රදේශයේ අඩි 70 ක් පමණ ගැඹුරු ළිදක් පිරිසිදු කිරිමේදි විෂ වායුවක් ආග්රහනය විමෙන් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉතා අසීරු පරිශ්රමයකින් පසු ගොඩ ගැනිමට සමත් විය. මිය ගිය පුද්ගලයා අවුරුදු 40 ක පමණ පිරිමි පුද්ගලයෙකු වේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කිරිම සදහා අදාල මළ සිරුර කන්කසන්තුරේ පොලිස් ස්ථානය වෙත භාර දිමට කටයුතු කෙරුණි.





