නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත්, මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පල්ලෙමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී මසුන් ඇල්ලීම සඳහා භාවිතා කළ ඩිංගි යාත්‍රා 2ක්, තහනම් දැල් 2ක්, පා වරල් යුගල් 6 සහ මත්ස්‍යයින් කිලෝග්‍රෑම් 330 ක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන්, භාණ්ඩ සහ මත්ස්‍යයින් තොගය මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


