නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (16) උච්චමුනේ සහ ඉප්පන්තිව් අතර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එහිදී, මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් වල්ලම් 2ක්, තහනම් දැල් 2ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 110 ක්ද අත්අඩංගුවට පත්වූ අතර, එම පුද්ගලයන්, භාණ්ඩ සහ මත්ස්‍යයින් තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.


