උතුරු නාවික විධානය මගින් මණ්ඩතිව් දූපතේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සිවිල් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (16) මණ්ඩතිව් හි පිහිටි ශාන්ත පීතර දේවස්ථානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලද මෙම වෛද්‍ය සායනය මගින් බෝවන රෝග, බෝනොවන රෝග, ශ්වසනාබාධ, කුඩා ළමුන්ගේ මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළු සහ වයෝවෘද්ධ පුද්ගලයන්ගේ සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රථිකාර ලබා දෙන ලදී. එම අවස්ථාව සඳහා පැමිණි ජනතාවගේ වෛද්‍ය සහ පෝෂණ අතිරේක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, හේමාස් ඖෂධ සමාගම සහ ඉන්ටර්ෆාමා පුද්ගලික සමාගම විසින් නොමිලේ ලබා දීමට කටයුතු කරන ලද අතර, මණ්ඩතිව් දූපත ආශ්‍රිතව අලුතින් පදිංචි වූ විශාල පිරිසකට මෙමගින් සෙත සැළසිණි.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ශාන්ත පීතර දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන ගරු ෆ්‍රැන්සිස් ඩේවිඩ් තුමා විසින් නාවික හමුදාව මගින් සිදු කරන ලද මෙම සත්කාර්යය මහත් පැසසුමට ලක් කරන ලදී. එමෙන්ම, ඒ සම්බන්ධයෙන් සිය හෘදයංගම ස්තුතිය සමස්ථ නාවික හමුදාවටත් එම නිලධාරීන් සහ නාවිකයන් හටත් පිරිනමන ලදී.





