නැගෙනහිර නාවික විධානය ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගනී
පරිසර හිතකාමී මට්ටමින් පවත්වාගෙන යනු ලබන හොදම රාජ්‍ය ආයතනයට හිමි ජනාධිපති පාරිසරික සම්මානය - 2016 දිනා ගැනීමට නැගෙනහිර නාවික විධානය සමත් විය. ඒ අනුව අද (18) බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයේදී එම කුසලානය සහ සහතික පත්‍රය ප්රදානය කෙරිණි.
නැගෙනහිර නාවික විධානය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන කඩොලාන පරිසර පිහිටුවීම සහ සංරක්ෂණය කිරීම, කැස්බෑ බිත්තර ආරක්ෂා කිරීම, වන සතුන් ආරක්ෂා කිරීම, වෙරළ තීරය පිරිසිදු කිරීම්, නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීම, රුක් රෝපන වැඩසටහන්, මුහුදේ සිදුවන තෙල් කාන්දුවීම් කළමනාකරණය, ජීව වායු ඒකක පිහිටුවීම, කොරල්පර සංරක්ෂණය, පොලිතීන් භාවිතයෙන් තොර වීම, ඉවත දමන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ පරිසරය සුරැකීම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම යන කරුණු පදනම් කර ගනිමින්, එම ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම සම්මානය නාවික හමුදාව නියෝජනය කළ නැගෙනහිර නාවික විධානයට හිමි විය.
සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන මගින් පාරිසරික තිරසාර කළමනාකරණ හමුවේ අනාගත හරිත ලංකාවක් බිහි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ ලෙස දක්වා ඇත.


























