නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 35 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (19) අරිප්පු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එහිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 8 ක්, තහනම් දැල් 8 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල් 24 ක් සහ කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 16 ක් අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




