නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (20) කුරිකට්ටුවාන් ප්රදේශයට උතුරින් වූ මුහුදේදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී ඩිංගි යාත්රාවක්, මුහුදු කූඩැල්ලන් 4 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පාවරල් යුගල 3ක් සහ මුහුණු ආවරණ 4ක් ද අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අයත් පානම පිහිටි ශ්රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් චාරලකාඩි කලපුව අශ්රිත ප්රදේශයේදී මීටර් 2000 පමණ දිග තහනම් දැලක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී අත්අංඩගුවට ගත් තහනම් දැල කල්මුණේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දෙන ලදී.



