නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (20) සහ ඊයේ (21) සිලාවතුර මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.එහිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 10 ක්, තහනම් දැල් 5 ක් හා ජීපීඑස් යන්ත්ර 3 ක් අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, ඊයේ (21) නැගෙනහිර නාවික විධානයට අයත් සාම්පූර් හි පිහිටි, ශ්රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කඩකාරච්චෙනායි මුහුදු ප්රදේශයේදී මීටර් 100 පමණ දිග තහනම් දැලක් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී අත්අංඩගුවට ගත් තහනම් දැල මුතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දෙන ලදී.






