වැදගත් සිදුවීම්

ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලාව ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ

ත්‍රිකුණාමලය, ගෝමරංකඩවල රංගිරි උල්පත් රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ධාතු මන්දිරය සහ දාන ශාලව සඝසතු කොට පූජා කිරීමේ මහෝත්සවය ඊයේ (21) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

23 Oct 2016

පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට නාවික හමුදාධිපතිතුමන් එක්වේ
 

පරිසර සමුළුව සහ වනරෝපා ජාතික රුක්රෝපණ වැඩ සටහනට සමගාමීව ජාතික රුක්රෝපණ දිනය නිමිත්තෙන් දිවයින පුරා ගිනිසීරියා පැළ බිලියනයක් සිටුවීමේ ජාතික වැඩසටහන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ත්‍රිකුණාමලයේදී ආරම්භ විය.

22 Oct 2016

ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ පුහුණු සංචාරයක
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන “සයුර” සහ වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන “සුරනිමල” යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 22 වන දින සිට 28 වන දින දක්වා ඉන්දියාවේ පුහුණුවීමේ කටයුතු සහ සුහද සංචාරයක නිරතවීම සඳහා අද (22) කොළඹ වරායෙන් පිටත් විය.

22 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පෙරේදා (20) සහ ඊයේ (21) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

22 Oct 2016