ග්‍රෙගරි වැව ප්‍රදේශයේ ඉදිකළ ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය නාවික හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ග්‍රෙගරි වැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත කාමර 2 කින් යුත් ජ්‍යෙෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනය ඊයේ (22) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා එක් වූ නුවරඑළිය නගරාධිපති දොඩම්පේ ගමගේ මහතා වෙත නාවික හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණයක් ද මෙහිදී ප්‍රධානය කළේය. නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා, නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් වරුන් ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක්ද එම අවස්ථාව සඳහා එක්විය. නාවික හමුදාධිපතිතුමන් මෙම කාර්ය සඳහා දායක වූ නාවික පුද්ගලයින් සමග සමූහ ඡායා රූපයකටද පෙනී සිටියහ.











