ශ්‍රී ලංකා නාවික නෞකා සාගර “දෝස්ති XIII” වෙරළාරක්ෂක බලකා අභ්‍යාසයට එක්වීම සඳහා දිවයිනෙන් පිටත් වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ප්‍රදේශ මුරසංචාරක නෞකාවක් වන සාගර නෞකාව “දෝස්ති XIII” ත්‍රෛයි පාර්ශ්වික වෙරළාරක්ෂක පුහුණු අභ්‍යසයට සහභාගී වීම සඳහා අද (23) කොළඹ වරයෙන් පිටත් වූ අතර, ඔක්තතෝබර් 25 වන දින මාලදිවයිනේ පිහිටි මාලේ වරායට ළඟා වීමට නියිමිතය. ඉන්දියානු, මාලිදිවයින් හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායන් එක්ව 2016 ඔක්තෝබර් මස 26 වන දින සිට 29 වන දින දක්වා දින 4 ක් මාලේ මුහුදු තීරයේදී, අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් සහ සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් 13 වන වරටත් පැවැත් වීමට නියමිත මෙම අභ්‍යාසයේදී, නාවික නිරීක්ෂණ හා මුදවා ගැනීම්, මානුෂ්‍ය ආධාර හා අපදා සහන, සමුද්‍ර දූෂණ නිවාරණය සහ මුහුදු මංකොල්ලකෑම් වැළැක්වීම් අදී ක්‍රියාකාරකම් වල නිරත වීමට නියමිතය.
මෙම පුහුණු අභ්‍යාසය සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය අයත් “සමුද්රපවාක්” හා “ආදේශ්” නෞකා ද්විත්වයත් “ඩෝනියර්” ගුවන් යානය හා “චේටාක්” හෙලිකොප්ටර් යානයත්, මාලිදිවයින් වෙරළාරක්ෂක බලකාය නියෝජනය කරමින් මාලදිවයන් ජාතික ආරක්ෂක බලකායේ “හුරවි” හා “ශහීඩ් අලි” යන නෞකා ද්විත්වයත් “කුරන්ගි” හෙලිකොප්ටර් යානය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් “සාගර” නෞකාවත්, එහි අණදෙන නිලධාරී කපිතාන් අනුර දනපාල මහතා ඇතුළු නැව් මුළුව ද එක් වේ.








