ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වේ
ඉන්දියාවේ පුහුණු හා සුහද සංචාරයක් සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා “සයුර” සහ “සුරනිමල” යන නෞකාවන් අද දින (24) ඉන්දියාවේ කොචින් වරායට සේන්දු විය. එම නෞකාවන් ඉන්දියානු නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායන්ට අනුව පිළිගන්නා ලදී.
මෙම නෞකාවන්හි අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරනු ලබන කපිතාන් ප්‍රසන්න අමරදාස සහ කපිතාන් පූජිත විතාන යන නිලධාරීන්, ඉන්දියානු දකුණු නාවික විධාන මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් රවීන්ද්‍ර ජයන්ති නඩ්කාර්නි මහතා කොචින්හි පිහිටි එම මූලස්ථානයේදී හමුවිය. එහිදී ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නෞකාවන්හි අණදෙන නිලධාරීන් හා ඉන්දියානු දකුණු නාවික විධාන මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

















