ශ්‍රීලංනානෞ සයුර සහ සුරනිමිල යන නෞකාවන් පුහුණු අභ්‍යාසයක සහ ඉන්දියාවේ පුහුණු චාරිකාවක නිරත වේ
පුහුණු සහ සුහද සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් 2016 ඔක්තෝබර් මස 24 වන දින උදෑසන ඉන්දියාවේ කොචින් වරායට සේන්දු වුනු අතර, එම ගමන් වාරය අතරතුර දී නෞකාවන් ද්විත්වය මුහුදට වැටුණු නාවිකයෙකු නැවත නිරුපද්‍රිතව නෞකාවට ගැනීමේ පුහුණු අභ්‍යාසයක (Man Overboard) සහ අනතුරට පත් නෞකාවක් වරාය දක්වා රැගෙන යාම මෙන්ම අනතුරට පත් නෞකාවක් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබද පුහුණු සැසිවාර පවත්වන ලදී.
ඉන්දියානු නාවික හමුදාවේ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් නෞකාවන් දෙකෙහි නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, නෞකාවන්ගේ ක්‍රියාකාරීත්වය සහ තාක්ෂණය පිළිබදව එහිදී ඔවුන් දැනුවත් කරන ලදී. ඉන් පසු නෞකාවන්ගේ නිලධාරීන් සහ නාවිකයන් ඉන්දියානු නාවික හමුදා සමුද්‍රීය සහ කාළගුණික විද්‍යා පුහුණු පාසලේ (School of Naval Oceanology and Meteorology) අධ්‍යාපන චාරිකාවක නිරත විය. ඉන් පසු සමරු තිලිණ හුවමාරුවන් ද එහිදී සිදු කෙරිණි.





























