හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් සමග ඉන්දීය පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අයත් මුල්ලීකුලම් හි පිහිටි, ශ්‍රීලංනානෞ භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක දී අද (27) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ධීවර කටයුතු වල නිරතවිමේ මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබු හෙරොයින් කිලෝග්‍රෑම් 2 ක් අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී කුඩා යාත්‍රාවක් සහ ඉන්දීය පුද්ගයන් තිදෙනෙකු ද අත්අඩංගුවට පත් විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, කුඩා ධීවර යාත්‍රාව සහ හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.





