ඩෙටනේටර් 7,500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පල්ලිමුනෙයි ප්රදේශයේදී ඇසුරුම් 100 ක සඟවා තිබූ විදුලි නොවන ඩෙටනේටර් 7,500 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. මෙම ඩෙටනේටර් තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරන අතර මේවා නීති විරෝධී ධීවර කටයුතු වලටද ධීවරයින් විසින් යොදා ගැනේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඩෙටනේටර් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථායේ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කරන ලදී.




