නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අයත්, ත්රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්රහාරක මුර යාත්රා බලඝණයට අනුයුක්ත පී 4446 යාත්රාවේ රාජකාරීයේ නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පුල්මුඩේ මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු සමග ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක් සහ නීතිවිරෝධී දැලක් ද අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ කුච්චවේලි හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනය වෙත ගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


