ඉන්දීය සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල නෞකාවන් කොළඹ වරායට පැමිණෙයි
පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය 24 වන දින ඉන්දියාවේ කොචින් වරාය වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරය නිමා කරමින් අද (29) කොළඹ වරායට ළගා විය.
නෞකාවන් ද්විත්වය ඉන්දියාවේ රැඳී සිටි කාලය අතරතුර ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කර තිබූ වැඩසටහන් රාශියකට එහි නැව් මුළු සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාවේ දී ඉතා උත්කර්ශවත් පිළිගැනීමේ උත්සවයක් ඔක්තෝබර් මස 26 වන දින පැවැත්විණි. ඒ සඳහා ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රවීන්ද්‍ර ජයන්ති නද්කර්නි මහතා සහ එම මැතිණිය මෙන්ම ඉන්දීය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක් ද එක් විය. 27 වන දින සයුර සහ සුරනිමිල නෞකාවන් කොචින් වරායෙන් පිටත්වීමෙන් අනතුරුව ඉන්දීය නාවික හමුදාවට අයත් සුනයිනා නෞකාව සමග ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුව සාම්ප්‍රදායානුකූලව ඉන්දීය නාවික නෞකාවන් සිය ආගන්තුක නෞකාවන්ට ආචාර දක්වමින් සමුගැනීම සනිටුහන් කරන ලදී.
සයුර සහ සුරනිමිල නෞකාවන් කොචින් වරායෙන් පිටත්වීමෙන් පසුව කොළඹ වරාය දක්වා පැමිණෙන අතරතුර පුහුණු අභ්‍යාසයන් කිහිපයක් ද සිදු කරන ලදී. නෞකාවෙන් මුහුදට වැටුනු පුද්ගලයකු බේරා ගැනීමේ අභ්‍යාසයන් (Man Overboard), නෞකාවන් අතර භාණ්ඩ හුවමාරුව සඳහා ආරක්ෂිතව දුර පවත්වාගෙන යාමේ අභ්‍යාසයන් (Station Keeping By Distance Line) හා ආපදාවට පත්වූ නෞකාවක් ඇදගෙන යාමේ අභ්‍යාසයන් (Towing) එහිදී සිදු කෙරිණි.


















< |