කේරළ ගංජා කිලෝග්රෑම් 80 ක් සමග පුද්ගලයන් සිවි දෙනෙක් අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත්, පි 424 යත්රාවට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් කච්චතිව් දුපතට උතුරින් වු මුහුදෙදී සැක කටයුතු යාත්රාවක් පරික්ෂා කිරීමේදී මෙරටට රැගෙන එමින් තිබු කේරළ ගංජා කිලෝග්රෑම් 80 ක් පමණ සමග පුද්ගලන් සිව් දෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය කරෙයිනගර් හි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත ගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය පොලීස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් වෙත භාර දෙන ලදි.


